කට වහා ගත් කළ ග්‍රාමසේවක මහතා රජකමටත් සුදුසු ය.

බස්නාහිර පළාතේ පොලිසි සීරුවෙන් තබමින් ඊයේ දියත් කල මෙහෙයුමෙන් පුද්ගලයන් 1262ක් අත්අඩංගුවට ගත් බව මාධ්‍ය වාර්තා කළේය. එයින් පුද්ගලයන් 323ක් අවදානම් ලෙස වාහන ධාවනය  සදහාත්, 567ක් වෙනත් හේතු සදහාත් අත්අඩංගුවට ගෙන තිබිණ. එයින් බොහොමයක් සැක පිට අත්අඩංගුවට ගැනීම් ය. එනම් එය ප්‍රතිශතයක් වශයෙන් 70%ක් ය. එසේනම් මෙම අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාවෙන් වැඩි හරියක් නිර්දෝෂී පුද්ගලයන් වීමට බොහෝ ඉඩ කඩ ඇත. නොඑසේනම් මෙම අත්අඩංගුවට ගත් නිර්දෝෂී පුද්ගලයන්ගෙන් කීප දෙනෙකු හෝ හෙට දින අපරාධකාරයන් ලෙස සමාජ ගත වීමට ඉඩ ඇත. ශ්‍රී ලංකාවේ පොලිසිය  ඒ තරම් කාර්යක්ෂම හා විනය ගරුක බව අපි සැම දන්නා කාරණයකි. වසර ගණනක් තිස්සේ ශ්‍රී ලංකාවේ වඩාත් දුෂිතම ආයතන අතර තවමත් පෙරමුණේ සිටින්නට හැකිව තිබෙන්නේ මේ නිසාය.  Transparency International Corruption Perception Index (මේකට සිංහලෙන් කියන විදිය හරියටම දන්නේ නෑ. මන් හිතන්නේ අන්තර්ජාතික දුෂණ හා විනිවිදභාවය පිළිබද සංජානනීය දර්ශකය.) නවතම වාර්තාවට අනුව 2015 දී ශ්‍රී ලංකාව රටවල් 168ක් අතුරින් 83 වන ස්ථානයේ පසු වේ යි.

අපරාධ මැඩලීම අතින්ද ඔවුන් සිටින්නේ අනික් දියුණු රටවලට සාපේක්ෂව ඉතාමත් නොදියුණු මට්ටමකය. අපරාධ මැඩලීම යනු අපරාධයක් සිදු වීමට ප්‍රථම එය වැළැක්වීමට පියවර ගැනීමය. නමුත් ශ්‍රී ලංකාවේ පොලිසිය අපරාධය සිදු කරන තුරු බලාගෙන සිට අත්අඩංගුවට ගැනීමට රුසියෝය.

ඔවුන්ගේ අත්අඩංගුවට ගැනීම් පවා බොහෝ විට සිදු වන්නේ නීති විරෝධී ආකාරයෙන් ය. අත්අඩංගුවට ගැනීමට ප්‍රථම වරෙන්තුවක් ලබා ගැනීම පවා සිදු වන්නේ පුද්ගලයා ගේ තරාතිරම අනුවය. එය බොහෝ විට සාමාන්‍ය මිනිස්සුන්ට අදාල නොවෙන කාරණයක් ව තිබේ. සාමාන්‍ය නිතිය නම් පුද්ගලයෙක් අත්අඩංගුවට හෝ ස්ථානයක් පරික්ෂා කිරීමට ප්‍රථම සැක පිට අත්අඩංගුවට ගැනීමක් නොවෙන අවස්ථාවකදී, වරෙන්තුවක් ලබා ගත යුතු ය.  සැක පිට අත්අඩංගුවට ගැනීමක් යනු (Probable Cause/Reasonable Suspicion) අපරාධයක් සිදු කිරීමට යාම ට යැයි නිසැක වශයෙන් අවබෝධ කරගෙන කරන අත්අඩංගුවට ගැනීමක් ය. එය කඩිනමින් කලයුතු බවට (exigent circumstances) පොලිසිය අධිකරණයේදී ඔප්පු කල යුතුය. (Terry v. Ohio, 392 U.S. 1 (1968) ඇමෙරිකානු නඩු තීන්දුව) නමුත් විනිසුරුවරුන් කරන්නේ පොලිසියට අවශ්‍ය රිමාන්ඩ් කිරීමටද ඇප දීමට දැයි විමසා ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කිරීමයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මට මුණ ගැසුණු හිතවතකු එහි පරීක්ෂණ සිදු වන ආකාරය ගැන අපුරුවට කියා දුන්නේය. එහිදී ඔහු කිවේ ඔවුන් එක්තරා පරීක්ෂණයකට ගොස් එයට අදාල යැයි ඔවුන් හිතන සැකකරු වෑන් රථයක දමාගෙන පාළු ස්ථානයකට ගෙන ගොස් නිරුවත් කර, ගසක බැද දිමි ගොටු කීපයක් දමා, “අපි උදේ එනකොට මතක් කර ගනින් ” යැයි පවසා ඔවුන් පිටව ගිය බව යි. මෙවැනි ආකාරයට අපරාධ හෙළි කර ගැනීමට පොලිසි හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අවශ්‍ය නැත. පොලිසියක් සිදු කල යුත්තේ විද්‍යාත්මක හා පර්යේෂනිය සාක්ෂි පදනම් කර ගනිමින් සැකකරු හදුනා ගැනීමය. නමුත් එවැනි ආකාරයෙන් අපරාධ හදුනා ගැනීමට තරම් උගත්, විෂයානුබද්ධ දැනීමක් අපගේ නිලධාරීන් හට නොමැත. පොලිස් අභ්‍යාස විද්‍යාල මගින් කල යුත්තේ මෙය යි. ඊට අමතර පර පිඩා කාමුකත්වය නමැති මානසික රෝගයට පොලිසියේ ඇතැම් නිලධාරීන්ට මනෝ විද්‍යා උපදේශ ලබා දිය යුතු බව මගේ අදහස යි.

නමුත් බොහෝ ගරු කල හැකි මිනිස් ගුණ දම් තිබෙන පොලිස් නිලධාරීන් ද නැතුවා නොවේ. සොයා ගැනීමට අසීරු වුවද එවැනි එක නිලධාරියෙක්, ඔහුට කරන කෘත ගුණ සැලකීමක් ලෙස මෙහිදී සදහන් කරමි. මා හදිසි කටයුත්කට ගමනක් යාමට පිටත් විය. ඉක්මනින් යාමට අවශ්‍ය වූ නිසා මට මාගේ මුදල් පසුම්බිය රැගෙන යාමට අමතක වී තිබිණි. අදාල රාජකාරිය නිම කොට එද්දී මගේ පාපැදියේ පෙට්රෝල් ඉවර වී තිබිණි. කල යුතු කිසිවක් නොතිබුණු  නිසා මා හට පාපැදිය තල්ලු කර ගෙන ඒමට සිදු විය. මාර්ග පරික්ෂාව සිදු කරන පොලිස් නිලධාරියෙක්
“මොකද තල්ලු කරගෙන…!! කැඩිලා ද ?

“අනේ නෑ මහත්තයෝ, තෙල් ඉවරවෙලා.”

“අය්යෝ , අතන ෂෙඩ් එකක් තියෙනවනේ.”

“මම පර්ස් එක දාලා ඇවිල්ල, සල්ලි නැ මගේ අතේ.”

“අය්යෝ පුතා, රුපියල් සියක් දෙන්නම් අතනින් තෙල් ගහ ගෙන යන්න” යැයි පවසා මට මුදල් දුනි.
ඔහුට ස්තුති කොට නමද අසා ගත් මම පසු දින පොලිස් ස්ථානයට ගොස් අදාල මුදල ඔහු ඇත තැබුවද ඔහු එය ප්‍රතික්ෂේප කලේ ඔහු එය කලේ උදව්වක් වශයෙනි. ඔබට මෙය අතිශයෝක්තියක් වශයෙන් පෙනෙනු ඇත. ඇත්තටම එය අතිශයෝක්තියකි. සිදුවූ සැබෑ සිද්ධිය මෙසේය.

මගේ මුදල් පසුම්බිය මා සතුව තිබිණි. මා ආ මාර්ගයට දකුණු පසින් ටිකක් එහාට වෙන්නට ෂෙඩ් එකක් පිහිටා තිබු බව මා දැන නොසිටියෙමි. මා ගමන් කලේ වම් ප්‍රදේසට යි. පොලිස් නිලධාරීන් සිටියේ ඒ පැත්තේය.

“මොකද තල්ලු කරගෙන…!! කැඩිලා ද ?

“අනේ නෑ මහත්තයෝ, තෙල් ඉවරවෙලා.”

“ඇයි ඕයි, අතන ෂෙඩ් එකක් තියෙනවනේ.”

“කොතනද? ”

“ඔතන , ඔය පාරට පොඩ්ඩක් එහා. ඉක්මනට යනවා 10ට වහනවනේ”.

“මේ පොඩ්ඩක් ඉන්නවා, තමුසේ කොහෙද?”

“මම රාගම.”

“එතකොට මෙහෙ ?’

“මම මේ යාලුවෙක් ගෙදර ගිය.”

“තමුසේ බිලද ?”

“නෑ”

“හ්ම්ම්. තමුසේ රාගමට කොහෙන්ද යන්නේ?

“ඇයි ඔතනින් දාලා ලගයි නේ. ”
“අහ්හ් ඔව් නේ, නැත්තම් තමුසේ වටයක් යන්න එපැයි. එහෙනම් තමුසේ එන ගමන් මේකටත් ලීටරයක් ගහන එනවා. තමුසෙට සල්ලි නැත්තම් බාගයක් හරි ගහන් එනවා.”

දුන් ප්ලාස්ටික් බොර්තලයද රැගෙන ගිය මම මගින් එය විසි කර දැමිය. ඔවුන්ට ලීටරයක් හෝ බාගයක් අරන් දීමට මගේ පශ්තාත් බාගයේ අදෝනාවක් තිබුනේ නැත.

මෑතකදී ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පවා පිලිබිබු වන්නේ නිතිය දේශපාලකයන්ට හා එහි සම්බන්ධ අයට වෙනම ආකාරයට ක්‍රියාත්මක විය යුතු බවය. මෙය අග්‍රාමාත්යවරයගේත් මතය වන බව ඊයේ වනවිට මාධ්‍ය මගින් දැන ගන්නට ලැබිණ. ඔවුන් ඊට පෙරද දේශපාලකයන් හා ඔවුන්ගේ පුතුන් අත්අඩංගුවට ගැනීමේදී සියට දෙසීයක් විමසන්න යනුවෙන් ප්‍රකාශයක් ද කර තිබිණි. මෙයින් කියවෙන්නේ නිතිය සාමන්‍ය මිනිස්සුන්ට සාධාරණ වියයුතු බවත් ඔවුන්ට එය සමාන හා සාධාරණ දෙකම වියයුතු බවත් ය.

මෑතකදී සිදුවූ පුගොඩ මන්දිරයේ සිද්දිය ඊට හොදම උදාහරණ ය යි. අක්කර 16කින් යුත් එම මන්දිරයේ භූගත මහලක් ද ඇතුලත් වේ. එම මන්දිරය ඉදි කිරීම සදහා රුපියල් ලක්ෂ දහසකට වැඩි මුදලක් වැය කර ඇති බව උපුල් කුමාර රාමවික්‍රම යවා ඇති එන්තරවාසියේ සදහන් වේ. මෙම නිවසේ මුල් ගල තැබීම සදහා සහභාගී වී ඇත්තේද බැසිල් රාජපක්ෂ හා පවුලේ අය යි. අවසන් වරට මුදල් ගෙවීම කර ඇත්තේ මුදිත ජයකොඩි බවත් එය රුපියල් එක්කෝටි දසලක්ෂයක් බවත් සදහන්. මුදිත ජයකොඩිට මෙම ඉඩම පැවරීමට පෙර එය ඉතිව තිබී ඇත්තේ නඩේෂන් හෙවත් නිරුපමා රාජපක්ෂ ගේ සැමියා හටය. ඔහු දැන් රනිල් වික්‍රමසිංහගේ සමිපතෙකි. කිසිම අයිතිකරුවෙකු නැති රුපියල් ලක්ෂ දහසකට වැඩි වටිනාකමක් ඇති ගොඩනැගිල්ලක් සහිත එම ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසිය විකිනීමට පසු ගියදා තීන්දු කෙරිණි.

මේ අසිරිමත් නිතිය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ පමණි. 

NK.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )