හෙට අයවැයට පෙර

පසු ගිය වසර තුල දකුණු ආසියානු කලාපයේ ආර්ථික වර්ධන වේගය 7% මට්ටමේ පැවතුනි. එය මේ වසර තුලදී යම් පසුබෑමක් සහිතව 6.9% ලෙසද, ලබන වසර සදහා  වර්ධන වේගය නැවතත් 7% ලෙසද ඇස්තමේන්තුගත කර ඇත.

එය ලෝකයේ වේගවත්ම ආර්ථික වර්ධනය ඇති කළාපය ලෙස වසර කිහිපයක් තිස්සේ පැවතුනත්, කලාපයේ වර්ධනයට වැඩි වශයෙන්ම දායක වී ඇත්තේ 7% වර්ධන සමාන්‍යයක් රදවා ගත් ඉන්දියාවත්, කලාපයේ සීග්‍රයෙන් දියුණු වන ආර්ථිකයක් ඇති බංගලාදේශයත් ය. වසර 5ක් තිස්සේ අඛණ්ඩව සියයට 6කට වැඩි ආර්ථික වර්ධනයක් ලබා ගත් බංගලාදේශය තුල 1992 සිට කාලය ඇතුලත  මිලියන 15ක ජනතාවක් දුප්පත්කමින් මිදී තිබෙන බව ලෝක බැංකු දත්ත පෙන්වා දෙයි. ආයු අපේක්ෂාව, සාක්ෂරතාවය හා ඒක පුද්ගල ආහාර පරිභෝජනය පවා ප්‍රමාණාත්මක ලෙස ඉහල නැග ඇත. බංගලාදේශය වසර 2021 දී මැදි අදායම් ලබන රටක් ලෙස වර්ධනය වීමට සැලසුම් සකස් කරයි.  .

ශ්‍රී ලංකාව පසු ගිය වසර  තුන තුල, එනම් 2013 සිට 2015 දක්වා ලබා ගත් ආර්ථික වර්ධන වේගයන් වන්නේ පිලිවෙලින් 3.9, 4.9ක් හා 4.8කි. එය මේ වසරේ 4 හෝ 5% ට අඩු අගයක පවතී යැයි පුරෝකථනය කල හැකිය.  ලෝක ආර්ථිකයේ මන්දගාමී වර්ධනය නිසා දේශීය ආර්ථික වර්ධනයත් මන්දගාමී විය යන මහා බැංකුවේ අදහසට මා එකග වන්නේ නැත. එම තත්ත්වය යටතේම කලාපයේ අනිකුත් රටවල් වන ඉන්දියාව හා බංගලිදේශය ඉතා ප්‍රශස්ත වර්ධනයක් පෙන්නුම කිරීම එම ප්‍රකාශය අභියෝගයට ලක් කරයි. පසු ගිය වසර 5 තුල ශ්‍රී ලංකාවේ අයවැය හිගය 2011-6.9, 2012-5.6,2013-5.4,2014-5.7 හා 2015- 7.4ක් වේ. 2015ට ඇස්තමේන්තුගත කර තිබු සමස්ත අයවැය හිගය 4.4ක් වුවත් රාජ්‍ය වියදම්, වැටුප් හා වේතන හා ස්වභාවික ආපදා නිසා අයවැය හිගය වැඩි ව ඇති බව අවබෝධ කර ගත හැකිය.

ඒ කෙසේ වුවද, හෙට ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙහි අයවැය හිගය 5% ට අඩු මට්ටමක පවත්වා ගැනීමට පිළිවන. ඒ 2020 වන විට සමස්ත අයවැය හිගය 3.5% මට්ටටම ගෙන එම රජයේ අරමුනයි. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ නිර්දේශයන්ට අනුව රාජ්‍ය අදායම වැඩි කර ගැනීම, රාජ්‍ය වියදම් අවම කිරීම, ආනයන වියදම් අඩු කිරීම හා අපනයන අදායම් ඉහල නංවා ගැනීමට රජය ක්‍රියා කල යුතුය. ඊට අමතරව තවත් ගුණාත්මක කොන්දේසි කිහිපයක් ද පනවා තිබේ. ඒවා නම්,

  1. විගණකාධිපති දෙපාර්තමේන්තුව තිරස්චිනව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සදහා නවීන මුල්‍ය විගණන පරිචයන් හා විමර්ශනාත්මක විගණන ක්‍රියාවලින් ශක්තිමත් කිරීම.
  2. රාජ්‍ය ආයතන සදහා විදිමත් හා අන්තර්ජාතික මට්ටමේ ගිණුම්කරණ ප්‍රමිත හදුන්වා දීම.
  3. රාජ්‍ය ආයතන ගණකාධිකාරීන් වෘත්තීය මට්ටමට ගෙන ඒමේ මුලික වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම දක්වා තිබිණ.

සදහන් සියලු කාරණා සැලකිල්ලට ගැනීමේදී මා හට ගම්‍ය වන කාරණයක් නම් රජය රටේ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් අවධානයක් යොමු කරනවාට වඩා පවතින ආර්ථික තත්වය රැක ගැනීමට, නැතිනම් වඩාත් නරක් නොවී පවත්වාගැනීමේ වෙහෙසක් දරන බවය. පවතින දේශපාලන අස්ථාවරත්වයත්, නායකත්වයේ කශේරුකා තුල ඇති නැම්මත්, රාජ්‍ය සේවකයන්ගේ ගෙඩි සියයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි (අනිත් ඔක්කොම අපිට)සටන් පාඨයත්, සමස්තයක් ලෙස මහජනතාවගේ හොදම දේ පිටරටින් ප්‍රතිපත්තියත් නිසා එහි වරදක් ද නැත.

මේ සුන්දර ශ්‍රී ලංකාවේ පාරම්පරිකව එන දේශීය උරුමයන් රැක ගනිමු !!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )