අයවැය හුදු යෝජනා පමණක් නොවීමට නම්.,

රජය විසින් 2016 වසර සදහා ඉදිරිපත් කල අයවැය යෝජනා අතරින් බොහොමයක් යෝජනා පමණක් විය. ඒවා ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමේදී බොහෝ ගැටළු ඇතිවන යෝජනා විය. ඉදිරිපත් කල යෝජනා බොහොමයක් හුදෙක් රජයේ ප්‍රථම අයවැය වීම නිසා මහජනතාව පිනවීම පිණිස ඉදිරිපත් කල ඒවා බව සිතා ගත හැකිය. මෙවර අයවැය තුලද ගුණාත්මක යෝජනා පවතී. ඒවා අදාල අංශ මගින් ක්‍රමානුකුලව හා කාර්යක්ෂමව ක්‍රියාවට නගන්නේ නම් රටේ ආර්ථිකයට යහපත් වනු ඇති.
අප පෙර ලිපියේදී සදහන් කලාක් මෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් පනවා ඇති කොන්දේසි මේ අයවැය සදහා පාදක කරගෙන තිබෙන බව විස්වාසය. ඒවා රටට විනාසකාරී කොන්දේසි නොවේ. බොහොමයක් අනාගතයේදී රටේ  ගෙවුම් ශේෂයේ  ධනාත්මක ලෙස වර්ධනයට අවශ්‍ය වන කොන්දේසි වේ.

පසු ගිය වසර හා සසදන කළ, තනි අංශයක් ලෙස රටට වැඩිම අදායමක් ලබා දුන්නේ ඍජු විදේශ පේෂණ යි.නමුත් ඔවුන් වෙනුවෙන් ප්‍රමාණාත්මක ප්‍රතිපාදනයක් සිදුවී නොමැත.  විශ්‍රාම වැටුපක් සදහා වන යෝජනාවද හුදෙක් යෝජනාවක් පමණි. කිසියම් ප්‍රතිපාදනයක් හෝ වෙන් කර නොමැත. අවම වැටුප් සදහා වන යෝජනාවද ඔවුන් සතුටු කිරීමට පමණක් කරන යෝජනාවකි. රට විරුවන්ගෙන් රටට 2014දී ලැබී ඇති අදායම ඇ. ඒ. ජ. ඩොලර් මිලියන 7046කි. 2015 දී එය ඇ. ඒ. ජ. ඩොලර් මිලියන 7007කි. ඔවුන්ගේ පේෂණ රටට නොලැබී  නම් ශ්‍රී ලංකාව සිටින්නේ කොතනද කියා වත් සිත ගත නොහැක. ඔවුන්ගේ ශ්‍රමයෙන් උපයන ලබන මුදල් වලින් අපේ දේශපාලකයන් සුපෝකබෝගී වාහන ගෙන්වති. රජයේ සේවකන් වැය කරන ශ්‍රමයට වඩා වටිනා තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාගනිති. ලේ දහදිය වගුරුවමින් තමුන්ගේ ජිවිත අනතුරුද නොසලකා ඔවුන් රටට උපයන ධනයෙන් මෙරට වෛද්යවරුන් තීරුබදු රහිත වාහන ලබා ගැනීමට තවත් ජිවිත අනතුරේ දමමින් උද්ඝෝෂණය කරති.   නමුත් ඔවුන්ට වෙනත් කිසිම ප්‍රතිලාබයක් ලබා දීමට සුදානමක් නැත. ඒ වෙනුවට ඔවුන්ට ලැබී ඇත්තේ නැව් නැගීමේදී ගෙවිය යුතු ඩොලර් 50ක ගාස්තුවකි. අවම වශයෙන් එය ගෘහ සේවයට හෝ යන අයගෙන් වත් අය නොකර ගැනීමේ නිදහස් කිරීමක් හෝ නොමැති වීම කණගාටුවට කරුණකි.

රබර් නිෂ්පාදනය වසර 4ක් තිස්සේ අඛණ්ඩව පහත වැටෙමින් තිබේ. කෘතීම රබර් නිෂ්පාදන සදහා  වැයවන පිරිවැය අඩු වීමත්, ස්වභාවික රබර් නිෂ්පාදනයට වඩා කෘතීම  රබර් නිෂ්පාදනයේදී පවතින සුමට බවත් නිසා කෘතීම රබර් වැඩි වශයෙන් නිපදවේ. 2013/14 වසර වලදී 24.4% කින් පහල ගිය ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදනය 2014/15 දී තවත් තවත් 10% කින් පහල ගියේය. 2016 පළමු බාගය වන විට එය තවත් 4.9% පහල බැස තිබේ.  එය එසේ වී ඇත්තේ 2016 වසරේදී ලෝක රබර් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල නිෂ්පාදනය 1.3%කින් ඉහල යාමේ ඇස්තමේන්තුවද පුස්සක් බවට පත් කරවමින. ලෝකයේ වැඩිම රබර් නිෂ්පාදනය කරන රටවල් දහයෙන්, 10 වන ස්ථානයේ සිටින්නේ ශ්‍රී ලංකාවයි. රබර් නිෂ්පාදනය එසේ අඩුව වුවද ලෝක වෙළදපල තුල රබර් මිල ගණන් ඉහල යෑමක් වාර්තා වුයේ නැත. ඒ වෙනුවට  රබර් මිල ගණන් වසර 6ක් තිස්සේ අඛණ්ඩව අඩු විය.

තත්ත්වය එසේ තිබියදී රබර් නැවත වගාව, වැඩි පලදාවක් සහිත පැල හදුන්වා දීම, හා “රබර් සදහා වන මහා සැලසුම”  නම් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම නිෂ්පල ක්‍රියාවක් ලෙස මා දකිමි. අඩු වන වෙළදපල ඉල්ලුම හා ලෝක වෙළද රටාව අනුව යමින් අපත් කල යුත්තේ සම්ප්‍රදායික කෘෂි අපනයන බෝගයක් වන රබර් නිෂ්පාදනයෙන් මිදී වෙනත් වැඩි අදායම් ලැබී හැකි කෘෂි බෝගයකට මාරු වීමයි.
2014ට ස්පෙක්ෂාව සුළු අපනයන බෝග 12.9% කින් වර්දනය විය. පසු ගිය වසරේ ගම්මිරිස් හා කරාබු නැටි අපනයන ප්‍රමාණයන්ද පිලිවෙලින් 103.8කින් හා 348.4 කින් වර්දනය වී ඇති බව මහා බැංකු දත්ත පෙන්වා දෙයි.

වඩා යෝග්‍ය හා දුරදර්ශි ආර්ථික තීන්දු තීරණ මගින් රටෙත්, ජනතාවගේත්, ආර්ථික තත්ත්වය හා ජිවන මට්ටම නගා සිටුවීමට හැකිය. එවැනි තීරණ මගින් දැන් කරනු ලබන ආයෝජනය රටෙත්, අනාගතයේත් පෝෂණය සදහා ඉවහල් වේ.

 

 

Advertisements

2 thoughts on “අයවැය හුදු යෝජනා පමණක් නොවීමට නම්.,

  1. ඔබගේ වියුණුවේ අතුරුමුහුණත දැන් චඩා හොඳ ය; කියවීමට සිත යොමුකරවයි. ලිපි සොයා ගැනීම පහසු වීම ද එයට එක් හේතුවකි. සතියකට එක් ලිපියක් හෝ පළ කරන්නට වෑයම් කරන්නේ නම් මනා ය. ඔබ විසින් මෙතෙක් ලියවුණු ලිපි ද ඔබ විසින් වෙනත් තැන්වල පළ කළ ආලෝචන ද අපට කියො පාන්නේ අප හට පැවසීමට ඔබ සිත තුළ වැදගත් අදහස් ඇති බව ය. ඔබගේ අදහස් කියවන්නට අප සූදානම් ය. එනිසා ඔබ නොලසා ලියන්න.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )